චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා 24 වැනිදා Shandong පළාතේ Dezhou නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කෘෂිකර්මාන්තයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණය චීනයේ සමස්ත නවීකරණයට ඉතා වැදගත් වේ. කෘෂිකර්මාන්තයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ස්ථිර පියවර ගනිමින් බුද්ධිය මෙහෙයවා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වඩා සොඳුරු ජීවිතයක් නිර්මාණය කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කර ඇත.
ෂී ජින් පිං මහතා (24) පෙරවරුවේ Dezhou නගරයේ Lingcheng දිස්ත්‍රික්කයේ Dongyujia ගම්මානයට ගොස්, ගිම්හාන කාලයේ එහි කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු පිළිබඳ වාර්තාවක් විමසා බලා එහි තිරිඟු අස්වැන්න, ඉරිඟු වගාව සහ කෘෂිකාර්මික සැපයුම පිළිබඳ තත්ත්වය අවබෝධ කර ගත්තේය.

ඉන් අනතුරුව, ෂී ජින් පිං මහතා අසල්වැසි “ජාතික ශිෂ්ටාචාර ගම්මානයක්” වන Xiyujia ගම්මානයට ගොස් එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ඔහු ගම්මානයේ පක්ෂ හා මහජන සේවා මධ්‍යස්ථානයට ගොස්, පක්ෂ සංවිධාන ගොඩනැගීම සහ පහසු සේවාවන් සැපයීම පිළිබඳව විමසා, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ප්‍රාදේශීය භාවිතයන් පිළිබඳව දැන ගත්තේය.
චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සැමරීමට චීන ජනතාව සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා එම ගම්මානයේ වැසියන්ට දන්වා සිටියේය. දැනට නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ නව ගමනක ඉදිරියට යමින් සිටින චීන ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
