ඉරානයේ සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට චීනයේ සහාය

ඉරානයේ සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට චීනයේ සහාය

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් Ghadir Nezamipour මහතා හමුවෙයි. එම හමුව ඊයේ(22) ඉන්දියාවේ නවදිල්ලියේදී සිදු විය.

පාකිස්ථානයේ සහ කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව සාකච්ඡා පැවැත්වීම සහ මීළඟ සාකච්ඡා යාන්ත්‍රණය පිළිබඳ එකඟතාවයට පැමිණීම චීනය පිළිගන්නා බව Wang Yi මහතා ප්‍රකාශ කළේය. ඉරානයේ පුළුල් උපායමාර්ගික හවුල්කාරී රටක් ලෙස චීනය, සාමය වෙනුවෙන් ගන්නා වූ සියලු උත්සාහයන්ට මෙන්ම ඉරානයේ ස්වෛරීභාවය,ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීමට ද සහාය දෙන බවත් ඔහු පැවසීය. එමෙන්ම චීනය තම ක්‍රමවේදයට අනුව ආධාර සැපයීම අඛණ්ඩව සිදුකරගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *