චීන ජාතික දත්ත කාර්යාංශය “චීන ඩිජිටල් සංවර්ධන වාර්තාව (2025)” නිකුත් කරයි. ඊයේ (8) නිකුත් කළ එම වාර්තාවේ 2025 වසරේ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීමේදී චීනය අත්පත් කරගත් ජයග්‍රහණ සාරාංශ කර ඇති අතර 2026 වසරේ නව සංවර්ධන ප්‍රවණතාවන් වෙත ද අවධානය යොමු කර ඇත.
එම වාර්තාවට අනුව, චීනයේ පරිගණක යටිතල පහසුකම්වල ශීඝ්‍ර සංවර්ධනයක් දක්නට ලැබේ. 2025 අවසානය වන විට, චීනය කෘත්‍රිම බුද්ධි පදනම් වූ පරිගණක පද්ධති ධාරිතාවය PFlops (FP16) මිලියන 1.59 කරා ළඟා වෙමින්, ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත.
2025 අග වන විට, චීනයේ අන්තර්ජාල පරිශීලක ප්‍රමාණය බිලියන 1.125 කි. ඒ අනුව අන්තර්ජාල ප්‍රවේශ අනුපාතය 80.1% ක් වීම විශේෂත්වයකි. මේ අතර, ප්‍රශ්නවලට පිළිතුරු සොයාබැලීම සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිත කරන පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 457 කි. Generative AI මෙවලම් පරිශීලකයන් අතර වයස අවුරුදු 40ට අඩු පිරිසේ අනුපාතය 74.6% ක් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
