2026 චීන අන්තර්ජාල ශිෂ්ටාචාර සමුළුව අද (19) පෙරවරුවේ Nanning නගරයේදී ආරම්භ විය. මෙවර සමුළුවේ තේමාව “ශිෂ්ට සබඳතා සහිත අන්තර්ජාල අවකාශයක්, උසස් අභිලාෂයන්ගෙන් යුත් ප්‍රබෝධමත් බලවේගයක්”යන්නයි. සමුළුව අතරතුර, සමාරම්භක උත්සවය, ප්‍රධාන සංසදය සහ උප සංසද 14ක් පැවැත්වේ.
එහි ප්‍රධාන සංසදයේදී අන්තර්ජාල ශිෂ්ටාචාර ගොඩනැගීම වෙනුවෙන් 2026 වසර සඳහා චීනයෙන් ගත හැකි විශිෂ්ට ආදර්ශයන්හි එකතුවක් නිකුත් කරන අතර, 2026 වසරේ ජාතික ඩිජිටල් ප්‍රවීණතා සහ කුසලතා වැඩිදියුණු කිරීමේ මාසය යන ක්‍රියාකාරකම ද ආරම්භ කෙරේ. උප සංසද 14කදී, අන්තර්ජාල ශිෂ්ටාචාර ගොඩනැගීමේ ක්ෂේත්රයට අදාළ පර්යේෂණ වාර්තා, කාර්ය ප්‍රතිඵල, තේමාත්මක අන්තර්ජාල ව්‍යාප්ති ක්‍රියාකාරකම් ආදිය ඇතුළත් ප්‍රතිඵල 30කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතය.
