තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි

තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසයි

චීන හා ඇමරිකානු ජනාධිපතිවරු කුඩා කණ්ඩායම් රැස්වීමකට එක් වෙති. චීනයේ බෙයිජිං නුවර Zhongnanhai හිදී  අද (15) පෙරවරුවේ එම රැස්වීම පැවැත්විණ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය ඓතිහාසික හා සන්ධිස්ථානීය සංචාරයක් බවත්, දෙපාර්ශ්වයම එක්ව චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතා සඳහා එහිදී නව ස්ථානගත කිරීමක් නිර්වචනය කර ඇති බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ස්ථාවර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වා ගැනීම,විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කිරීම සහ එකිනෙකා සැලකිලිමත් විය යුතු ගැටලු නිසි ලෙස විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම වැදගත් එකඟතාවකට පැමිණි බව ද ඔහු පැවසීය. එමෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ බවත් හෙතෙම සඳහන් කළේය. මෙම සංචාරය අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට, අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

තම චීන සංචාරය ඉතා සාර්ථක සහ අමතක නොවන එකක් බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළේය. සිය සංචාරය තුළ දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට සහ ගිවිසුම් ගණනාවකට එළඹුණු බවත්, බොහෝ ගැටලු ඒ ඔස්සේ විසඳා ගත් බවත් එය දෙරටටම සහ ලෝකයටම මහත් ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසීය. ෂී ජින් පිං මහතා තම පැරණි මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප් මහතා, තමා එතුමන්ට බෙහෙවින් ගරු කරන බවත්, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බවත් පැවසීය. එමෙන්ම ඇමරිකානු-චීන සබඳතා ඉතා වැදගත් බවත් එය නිසැකවම යහපත් අතට හැරෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ෂී ජින් පිං මහතා සමග අවංක හා ගැඹුරු සන්නිවේදනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට තමා කැමැත්තෙන් සිටින බවත්, වොෂින්ටන්හිදී ෂී ජින් පිං මහතා පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *