“Ne Zha 2” ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඓතිහාසික වාර්තාවක්

“Ne Zha 2” ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඓතිහාසික වාර්තාවක්

චීන සජීවීකරණ “Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ චිත්‍රපටයක් වන “Inside Out 2” අභිබවා ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත් වෙයි. 

ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්ත අනුව ඊයේ (18) සවස වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් තිබේ. 

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දින තිරගත වීම ආරම්භ වී දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්වී දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සටහන් වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *