26 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳාම පිළිබඳ සාකච්ඡා සමුළුව එළඹෙන 8 වැනිදා සිට 11 වැනිදා දක්වා චීනයේ Xiamen නගරයේ පැවැත්වීමට නියමිතය. ඊයේ(6)පැවති මාධ්‍ය හමුවකදී මෙම
කරුණු අනාවරණය කෙරිණ. මේ වන විට මෙවර සමුළුවට සියලු කටයුතු සූදානම් බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
එහි සඳහන් කළ පරිදි, මෙවර සමුළුවට සාමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනයට රටවල්, කලාප 129ක් මෙන්ම ජගත් සංවිධාන 30ක් පමණ එක් වනු ඇත. එයට එක් වීමට නියමිත රාජ්‍ය ආයතන, ව්‍යවසායන් කණ්ඩායම් සංඛ්‍යාව 1200කි. ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් දෙලක්ෂයක්
පමණ වන අතර වෘත්තිමය ප්‍රදර්ශන කලාප 14ක් වෙන් කර තිබේ.
එම සමුළුව මගින් අන්‍යෝන්‍ය අයෝජන හා සහයෝගිතා සඳහා පූර්ණ වේදිකාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.
