2030 වන විට චීනයේ නව බලශක්ති ධාරිතාව කිලෝවොට් මිලියන 300 දක්වා

2030 වන විට චීනයේ නව බලශක්ති ධාරිතාව කිලෝවොට් මිලියන 300 දක්වා

චීනය “නව විදුලිබල පද්ධති ඉදිකිරීම පිළිබඳ 15වන පස් අවුරුදු සැලැස්ම” නිකුත් කර ඇත. එම සැලැස්මට අනුව, විදුලිබල සැපයුම සහතික කිරීම සඳහා චීනය, ජලය පොම්ප ක‍ර ගබඩා කර විදුලිය උත්පාදනය කරන බලාගාර සහ නව බලශක්ති ගබඩා වැනි විවිධ නියාමන සම්පත්වල සැලසුම් ඉදිරිපත් කරනු ඇත.

චීනය ජලය පොම්ප ක‍ර ගබඩා කර විදුලිය උත්පාදනය කරන බලාගාර ඉදිකිරීම වේගවත් කරන බවත්, නව බලශක්ති ගබඩා කිරීමේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන බවත්, බලශක්ති ගබඩා කිරීමේ නව යෙදවුම් අවස්ථා වැඩි කරන බවත් එම සැලැස්ම පෙන්වා දෙයි.

2030 වන විට, රට පුරා ජලය පොම්ප ක‍ර ගබඩා කර විදුලිය උත්පාදනය කරන බලාගාරවල ධාරිතාව කිලෝවොට් මිලියන 160 ක් පමණ වනු ඇති අතර නව බලශක්ති ගබඩා කිරීමේ ස්ථාපිත ධාරිතාව කිලෝවොට් මිලියන 300 දක්වා ළඟා වනු ඇති බව ද එහි සඳහන් වෙයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *