චීනයේ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැදගත් ප්‍රගතීන් හඳුන්වා දීමට පියවර ගැනේ. අද (14) සිට ලබන 20 වැනිදා දක්වා චීනයේ Shandong පළාතේ Jinan නගරයේ පැවැත්වෙන, රට පුරා ක්‍රියාත්මක 2026 වසරේ චීන ජාතික සයිබර් ආරක්ෂණ සතියේ සමාරම්භක උත්සවයේදී මෙය සිදු කෙරිණ. ‘කෘත්‍රිම බුද්ධි ආරක්ෂාව පාලන රාමුව’ 3.0 සහ ‘2026 වසරේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් සයිබර් ආරක්ෂක භාවිතයන් බලගැන්වීම පිළිබඳ අත්හදා බැලීමේ ප්‍රතිඵල’ යනාදිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
එමෙන්ම මෙම සතිය තුළ, සයිබර් ආරක්ෂණ තාක්ෂණය පිළිබඳ සංසද හා උප සාකච්ඡා වට රැසක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී අවධානය යොමු කෙරෙන වැදගත් කරුණු සම්බන්ධයෙන් සිසුන් හා තරුණ පිරිස් ඇතුළු මහජනතාව දැනුවත් කිරීමට ද අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, 2014 වසරේ සිට චීනය මෙම ජාතික සයිබර් ආරක්ෂණ සතිය පැවැත්වීම ආරම්භ කර ඇති බවයි. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙකුගේම අවබෝධය හා දැනුවත් වීම ඉහළ නංවාලීමේ අරමුණින් හිතකර සයිබර් පරිසරයක් ඇති කිරීම මෙහි මූලික අපේක්ෂාවයි. මෙමගින් ගෝලීය වශයෙන් අන්තර්ජාල පාලනය පිළිබඳ චීන අත්දැකීම් සයපා ඇති බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
