බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනපතිගෙන් යෝජනා පහක්

බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනපතිගෙන් යෝජනා පහක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(13) පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ දෙවැනි අදියරේ රැස්වීමට එක් විය.

ෂී ජින් පිං මහතා එහිදී “බ්‍රික්ස් රටවල සහයෝගිතාවයේ පදනම තහවුරු කොට ගෝලීය දකුණ ශක්තිමත් කිරීම” යන මැයෙන් වැදගත් දේශනයක් පැවැත්විය.

වර්තමානයේ සාමූහිකව නැඟී එමින් සිටින ගෝලීය දකුණේ රටවල් ලෝකයේ බහු ධ්‍රැවීකරණය සඳහා ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා ‍එම රැස්වීමේදී පෙන්වා දුන්නේය. ඒ සමග ම කැළඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වය හමුවේ බ්‍රික්ස් රටවල් අවදානම් සහ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. ජාත්‍යන්තර කටයුතුවලදී ධනාත්මක සහ ස්ථාවර කාර්යභාරයක් ඉටු කරමින් මානවයාගේ පොදු යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට බ්‍රික්ස් රටවල් ගෝලීය දකුණ සමග එක්ව ක්‍රියා කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

බ්‍රික්ස් රටවල් නැඟී එන වෙළඳපොළවල සහයෝගය සහ ගෝලීය දකුණ එකිනෙකට සම්බන්ධ කිරීමේ වාසි ප්‍රයෝජනයට ගත යුතු බවත්, කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සහ සුමට ප්‍රවාහය පවත්වා ගෙන ඒකීයකරණ වෙළඳපොළක් නිර්මාණය කළ යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

හෙ‍තෙම බ්‍රික්ස් රටවල සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය. කෘත්‍රිම බුද්ධිය සඳහා වන තාක්ෂණික ඒකාධිකාරය බිඳ දමා සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා ගැනීම, වෙළඳ හා ආයෝජන පහසුකම් සැලසීම, ඩිජිටල් කර්මාන්ත සහයෝගීතාව පවත්වා ගැනීම, බුද්ධිමය නිෂ්පාදන සහයෝගීතාව පවත්වා ගැනීම සහ විද්‍යා හා තාක්ෂණ කුසලතා බිහි කිරීම එම යෝජනා වේ.

මෙම වස‍ර චීනයේ 15වැනි පස් අවුරුදු සැලසුමෙහි ආරම්භක වසර වන අතර චීනය උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට මෙහෙයවමින් උසස් මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමට සූදානමින් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කොට ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ ව සංවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරයි. සංවර්ධන අවස්ථා පොදුවේ බෙදා ගෙන පොදු සමෘද්ධිය එක්ව නිර්මාණය කරමින් ගෝලීය දකුණේ එකමුතුකම හා ස්ව-ශක්තිය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සඳහා චීනය විවිධ රටවල් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *