14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 22 වන සැසිය එම කමිටුවේ සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී අවසන් විය.
බන්ධනාගාර නීතිය, සමාජ සහන නීතිය සඳහා ඡන්ද විමසීමක් පවත්වා අනුමත කෙරිණ. එමෙන්ම, කෘෂිකර්මාන්ත හා ග්‍රාමීය කටයුතු නව අමාත්‍යවරයා, හදිසි කළමනාකරණ පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියෝග කර ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 74, අංක 75 හා අංක 76 දරන ජනපති නියෝග තුනක් අත්සක් කළේය.
ඊට අමතරව, “අපරාධ අධිකරණ සහාය පිළිබඳ චීනය සහ අසර්බයිජාන ජනරජය අතර ගිවිසුම” “චීනය සහ කසක්ස්ථානය, කිර්ගිස්ථානය, ටජිකිස්ථානය, ටර්ක්මෙනිස්ථානය සහ උස්බෙකිස්ථානය යන රටවල් අතර සදාකාලීන අසල්වැසිභාවය, මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම ” යන ගිවිසුම් දෙකක් සඳහා සැසියේදී චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ඡන්ද විමසීමක් ද පැවැත්වූ අතර අදාළ ගිවිසුම් දෙකක් අනුමත කෙරිණ.
