ජපාන න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ ක්‍රියාකාරී ලේඛනයක් චීන විදේශ අමාත්‍යංශය විසින් අද(30) නිකුත් කරන ලදී.
ඒ අනුව, මෑත වසරවල ජපානය න්‍යෂ්ටික අවි හිමිකර ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අඛණ්ඩව විවිධ ප්‍රකාශ කරමින් සහ ක්‍රියාමාර්ගවල නියැලී සිටින අතර, ජපාන නිලධාරීහූ “න්‍යෂ්ටික නොවන මූලධර්ම තුන” සංශෝධනය කිරීම පිළිබඳවද යළි යළිත් විවෘතව සාකච්ඡා කළහ.
කයිරෝ ප්‍රකාශනය, පොට්ස්ඩෑම් ප්‍රකාශනය සහ ජපානය යටත්වීම යන ජාත්‍යන්තර නීතියේ පූර්ණ බලැති ලියකියවිලිවලට අනුව, ජපානය සම්පූර්ණයෙන්ම නිරායුධව සිටිය යුතු අතර, නැවත සන්නද්ධ වීමට තුඩු දෙන කිසිදු කර්මාන්තයක් පවත්වාගෙන නොයා යුතුය. න්‍යෂ්ටික අවි තම සන්තකයේ තබා නොගැනීම ඊට අනිවාර්යයෙන්ම ඇතුළත් බව චීනය නිකුත් කළ ක්‍රියාකාරී ලේඛනයේ දැක්වේ.
ජපානය න්‍යෂ්ටික අවි හිමිකර ගැනීමට දරන උත්සාහය කෙරෙහි, න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුමට ඇතුළත් රාජ්‍ය පාර්ශ්වකරුවන් ඉතා සුපරීක්ෂාකාරී වෙමින් ඊට දැඩි ලෙස විරුද්ධ විය යුතු බව, චීනය අවධාරණය කර සිටී.
ජපානය න්‍යෂ්ටික අවි හිමිකර ගැනීමෙට දරන උත්සාහය මෙන්ම, න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුමට එල්ලවන සැබෑ හා දිගුකාලීන ඍණාත්මක බලපෑම් පිළිබඳව, සියලුම පාර්ශ්වයන් ඉහළින් අවධානය යොමු කරමින්, පූර්ණ සාකච්ඡාවක් සහ බැරෑරුම් සලකා බැලීමක් සඳහා වන වැදගත් කරුණක් ලෙසට එය සැලකිය යුතු ය.
න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුමට සහ “න්‍යෂ්ටික නොවන මූලධර්ම තුනට” අවනත වන ලෙස සියලුම පාර්ශ්වයන් ජපාන රජයෙන් ඉල්ලා සිටිය යුතු ය.
ජපානයේ සංවේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම අතර ඇති දැඩි අසමතුලිතතාව විසඳීම සඳහා සියලුම පාර්ශ්වයන් විවෘත, විනිවිද පෙනෙන සහ ඵලදායී පියවර ගත යුතු ය.
ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී සහ ජපානයේ සාමකාමී නොවන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමේදී, රාජ්‍යයන්හී න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග පූර්ණ සැලකිල්ලට ගන්නා ලෙස චීනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙන් ඉල්ලීමක් ද කරයි.
සියලුම පාර්ශ්වයන් න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට ජපානයේ ඇති ප්‍රබල අභිප්‍රේරණය සැලකිල්ලට ගත යුතු අතර ජපානය සමඟ න්‍යෂ්ටික සහයෝගීතා පැවැත්වීමේදී ප්‍රවේශම් විය යුතුය.
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ගැටලුව ජපාන රජය වගකීමෙන් යුතුව හැසිරවිය යුතු බව ද චීනයේ ක්‍රියාකාරී ලේඛනයේ සඳහන් වෙයි.
ජපාන රජයේ වාර්තාවලට අනුව, 2024 අවසානය වන විට, ජපානය සතුව දේශීයව සහ ජාත්‍යන්තරව කළමනාකරණය කරන ලද වෙන් කරන ලද ප්ලූටෝනියම් ටොන් 44.4 ක් පමණ පැවතිණ. ජපානයේ දක්ෂිණාංශික බලවේගවලට බලගතු ප්‍රහාරක අවි සංවර්ධනය කිරීමට හෝ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට ඉඩ දීම තුළින්, නැවත වරක් ජාත්‍යන්තර ප්‍රජාවට හානියක් සිදුවීම නොවැළැක්විය හැකි අතර ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කෙරෙහි බරපතල ඍණාත්මක බලපෑමක් ද ඉන් ඇති කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය නිකුත් කළ එම ක්‍රියාකාරී ලේඛනයෙහි සඳහන් වෙයි.
