සමෘද්ධිය ඉලක්ක කරගත්, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්

සමෘද්ධිය ඉලක්ක කරගත්, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්

සමෘද්ධිය දෙස යොමුවන, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව හා තායිලන්ත රාජධානිය අතර ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

එම නිවේදනයට අනුව, චීන අග්‍රමාතාත්‍ය ලී ච්‍යං මහතාගේ ඇරයුමට අනුව, තායිලන්ත අගමැති Anutin Charnvirakul මහතා ජූලි 16වනදා සිට 20වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ඔහු සමග වෙන් වෙන් ව සාකච්ඡා සහ හමු පවත්වා ඇත.

චීන – තායි සම්බන්ධතාවයේ වර්ධනය පිළිබඳ ව තෘප්තිමත් වන දෙරටේ නායකයෝ, එය ගොඩනගා ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ පදනමක් මත බවට ඒකමතික අදහස් පළ කරති. රාජත්‍යාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ ඊළඟ දශක පහක් ආරම්භ වීමේදී, පොදු ඉරණමක් සහිත චීන – තායිලන්ත ප්‍රජාවේ සංවර්ධනයට වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීම උදෙසා එක්ව උත්සාහ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. රටේ ස්වාධීනත්වය, ‍ස්වෛරීභාවය හා ‍භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීමට තායිලන්තයට සහාය ලබා දෙන බව චීනය යළිත් අවධාරණය කර ඇත. එකම චීනය යන මූලධර්මය අනුගමනය කරමින් චීනයේ එක්සත්භාවයට ස්ථිර ව සහයෝගය සලසන අතර, ඕනෑ ම ආකාරයක ‘තායිවාන බෙදුම්වාදී’ ක්‍රියාවකට සහාය නොදක්වන බව තායිලන්තය යළි තහවුරු කර ඇත.

වත්මන් ගෝලීය අභියෝගය හා ආර්ථික පුනර්ජීවනයේදී මතුවූ අවිනිශ්චිතතාවට මුහුණ දීමේදී ජාත්‍යන්තර නීතිය මත පදනම් වන බහුපාර්ශ්විකවාදය ස්ථිර ලෙස අනුගමනය කරමින්, අනාගතයට මුහුණ දෙන, ඔරොත්තු දීමේ හැකියාව ඇති, අන්තර්කරණය සහිත, තිරසර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන සහයෝගිතාව පුළුල් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය අවධාරණය කරති.

මෙවර තායි අගමැතිවරයාගේ චීනය සංචාරයේදී, වෙළඳාම, කෘෂිකර්ම, රේගු, විද්‍යා තාක්ෂණ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වෙන අධ්‍යාපනය, අභ්‍යවකාශ, බුද්ධිමය දේපළ, මුදල් විශුද්ධිකරණයට එරෙහි වීම, මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ චීනය හා තායිලන්තය අතර සහයෝගිතා ලියවිලිවලට අත්සන් තබා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *