චීන විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුර අපේක්ෂිකාවක් අතර හමුවක්

චීන විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුර අපේක්ෂිකාවක් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඊයේ(20) බෙයිජිංහිදී එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා අපේක්ෂකත්වය දරන සහ ගයනාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Rodrigues-Birkett මහත්මිය හමුවිය.

සිය මහලේකම් ධුරයට තරඟ කිරීමේ වැඩසටහන් සහ එක්සත් ජාතීන්ගේ අනාගත සංවර්ධනය සඳහා වන දැක්ම Rodrigues-Birkett මහත්මිය එහිදී පැහැදිලි කළාය. චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ම සහායක පාර්ශ්වයක් බව ඇය පැවසුවාය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2758වන යෝජනාවට සහාය දක්වන බවත්, එකම චීනය යන මූලධර්මයට අනුගත වන බවත් ඇය පැවසුවාය. චීනය විසින් යෝජනා කළ ගෝලීය මුලපිරුම් හතර තමන් බෙහෙවින් අගය කරන බව ද ඇය සඳහන් කළාය.

මහලේකම් ධුරයට තරඟ කිරීමට Rodrigues-Birkett මහත්මිය ගත් තීරණය බහුපාර්ශ්විකත්වය පිළිබඳ ඇයගේ දැඩි විශ්වාසය සහ එක්සත් ජාතීන්ගේ අරමුණ සඳහා ඇයගේ නොසැලෙන සහයෝගය පිළිබිඹු කරන බව Wang Yi මහතා එහිදී සඳහන් කළේය. මෙම වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන මහජන සමූහාණ්ඩුවේ නීත්‍යනුකූල අසුන යළි ස්ථාපිත වීමේ  55 වන සංවත්සරය සනිටුහන් කරන බව ඔහු පෙන්වා දුන්නේය. චීනය සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්ථිර සහයෝගය ලබා දී ඇති බව ද ඔහු පැවසීය. එමෙන්ම, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රියාවලියට චීනය වගකිවයුතු සහ ඵලදායී ආකාරයකින් සහභාගී වන බව ද ඔහු පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *