රුමේෂ් තරංග පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රනින් සරසයි

රුමේෂ් තරංග පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රනින් සරසයි

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් විය.

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මීටර් 89.75ක දුරක් විසි කරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දුන්නේය.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 06 වැනි රන් පදක්කම වන අතර 2006 වසරේදී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසුව දිනූ එකම රන් පදක්කම වේ.

පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 89.75කි.

ඔහුට හිමි වූ පළමු අවස්ථාව සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර දෙවන අවස්ථාවේදී මීටර 89.75ක දක්ෂතාව දැක්වීය.

මූලික වටයේදී මීටර් 82.84ක දුරක් වාර්තා කරමින් පෙරමුණ ගත් ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේදී රන් පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු වන ඓතිහාසික අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

ග්ලාස්ගෝ ස්කොට්ස්ටන් ක්‍රීඩාංගණයේදී රුමේෂ් තරංග මෙම ජයග්‍රහණය වාර්තා කළේ, ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් අභිබවා යමිනි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *