රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ එය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග කේන්ද්‍රීයව බැඳී පවතින සංවර්ධනයක් විය යුතු බවය. 

ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේ දී  ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය යටතේ විහාරස්ථානවල දානශාලා ඉදිකිරීම, ජල පහසුකම් වැඩිදියුණු කිරීම සහ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් යන සියලු ආගම්වල දහම්පාසල් සංවර්ධනය මෙන්ම දිට්වාවලින් විනාශයට පත් ආගමික ස්ථාන නැවත ගොඩනැංවීම සම්බන්දයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

සූර්යබල විදුලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම, ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීම, ජනතා දේපළ අක්‍රමවත් ලෙස භාවිත වන තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අදාළ පනත් සංශෝධනය කෙරෙහි ද මෙහිදී අවධානයට ලක් විය. පාඩු ලබන හෝ ඵලදායී නොවන දේපළ පිළිබඳ විධිමත් සමාලෝචනයක් කර නව නීතිමය රාමුවක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *