චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Khaled El-Enany මහතා හමු වෙයි. බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ඊයේ(12) පස්වරුවේ එම හමුව පැවැත්විණ.
විවිධ රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩි දියුණු කිරීමටත් විවිධ ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය හැදෑරීම ප්‍රවර්ධනය කිරීමටත් චීනය සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර ගෝලීය අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතික පාලනය ප්‍රතිසංස්කරණය සඳහා ද එය ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.
චීනය යෝජනා කරන ලද ගෝලීය මුලපිරුම් හතර මනාව ක්‍රියාත්මක කොට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය යුනෙස්කෝව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. දෙපාර්ශ්වයම කෘත්‍රිම බුද්ධිය, විවෘත විද්‍යාව හා ඩිජිටල් අධ්‍යාපනය යනාදී ක්ෂේත්රයන්හි සහයෝගිතා පුළුල් කරමින් ගෝලීය දකුණේ රටවල් සමඟ සහයෝගිතා තහවුරු කළ යුතු අතර සංස්කෘතික උරුමයන්හි ආරක්ෂාව සහ ශිෂ්ටාචාර අතර හුවමාරු ප්‍රවර්ධනය කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ප්‍රථම වරට චීනයේ සංචාරයක නිරතඩවීමට ලැබීම ගෞරවයක් බව Enany මහතා එම හමුවේදී පැවසීය. යුනෙස්කෝ සංවිධානයට චීනය ලබා දෙන දිගුකාලීන සහ ශක්තිමත් සහයෝගය වෙනුවෙන් ස්තූතිවන්ත වන බව ඔහු සඳහන් කළේය. ගෝලීය අධ්‍යාපන හා සංස්කෘතික මට්ටම ඉහළ නැංවීම, විද්‍යා හා තාක්ෂණික හුවමාරු ප්‍රවර්ධනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා චීනය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට යුනෙස්කෝව බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
