ඇමරිකානු ජනපති චීන නිල සංචාරය අරඹයි

ඇමරිකානු ජනපති චීන නිල සංචාරය අරඹයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම අද (13) සිට ලබන 15 වැනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වනු ඇත. ගුවන් තොටුපළේදී ජනපති ට්‍රම්ප් පිළිගැනීමට එක්ව සිටියේ චීන උප ජනාධිපති Han Zheng මහතායි.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇත.

මෙහිදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර දේශපාලන කරුණු රැසක් පිළිබඳව නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සංචාරය අමෙරිකා – චීන සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *