මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජාත්‍යන්තර ප්‍රසාදය

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජාත්‍යන්තර ප්‍රසාදය

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථක බව ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් මහත්පමිය පවසයි. 

ඇය මේ බව ප්‍රකාශ කළේ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ‍ මහතා හමුවූ අවස්ථාවේදීය. 

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බවට එහිදී ඇය සිය ප්‍රසාදය පළ කළාය. 

මේ වනවිට බිම් බෝම්බ සහිතව තිබූ ප්‍රදේශවලින් 90%ක්ම සාර්ථකව නිදහස් කර අවසන් බව එහිදී ප්‍රකාශ විය.

ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතාම සංකීර්ණ කටුක ප්‍රදේශ වන බව සඳහන්ය විය.

ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම් බෝම්බවලින් තොර රටක් බවට ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂ පුහුණුවලත් සෙබළුන් 500 දෙනෙකු මේ සඳහා යෙදවීමට කටයුතු යොදා තිබේ.

සෙසු අංශ හැරුණුවිට යුද හමුදා නිලධාරීන් පමණක් වසරකට වර්ග කිලෝමීටර 1.5ක් නිදහස් කිරීම ඔවුන්ගේ ඉලක්කය බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මේ සඳහා රජය විසින් වෙන්කරන මුදල් ප්‍රමාණය පසු ගිය වසරට සාපේක්ෂව  දෙගුණයකින් වැඩි කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *