නේපාල නායයෑමෙන් බලපෑමට ලක් වූ චීනයේ Gyirong ප්‍රදේශයෙහි රැදී සිටින නේපාල ජාතිකයින් 1720දෙනෙකුට චීනයෙන්  සහනාධාර

නේපාල නායයෑමෙන් බලපෑමට ලක් වූ චීනයේ Gyirong ප්‍රදේශයෙහි රැදී සිටින නේපාල ජාතිකයින් 1720දෙනෙකුට චීනයෙන්  සහනාධාර

නේපාලයේ සිදු වූ නායයෑමෙන් බලපෑමට ලක් වූ චීනයේ Gyirong ප්‍රදේශයෙහි රැදී සිටින නේපාල ජාතිකයින් 1720දෙනෙකු වෙනුවෙන් සහනාධාර සැලසීමේ කටයුතු චීනය ක්‍රියාත්මක කර ඇත.

හදිසි ආපදා සේවා අණ දෙන මධ්‍යස්ථානය ඊයේ(6) Gyirong හි පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

 මෙම ව්‍යසනය සිදු වීමෙන් පසු චීනයේ Xizang ස්වායත්තයේ අතුරුදන්වූවන් සෙවීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් හැකි උපරිමයෙන් වහාම ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. 

අදාළ ප්‍රදේශවල බලපෑමට ලක්වූ චීන සංචාරකයින් 555දෙනෙකු සුරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු අතර චීන-නේපාල දේශසීමාවේ රැදී සිටින නේපාල ජාතිකයින් 1720දෙනෙකුට සහනාධාර සේවා කටයුතු ක්‍රියාත්මක කළ බව එහිදී ප්‍රකාශ කෙරිණ. එමෙන්ම දෙස් විදෙස් අතුරුදන්වූවන් හඳුනා ගැනීම සඳහා සෘජු දුරකථන සේවා මාර්ග 4ක් විවෘත කළ අතර පැය 24 පුරා ක්‍රියාත්මක කරන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

ඊට අමතරව , ඊයේ සහ අද චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව, නේපාලයේ සිදු වූ නායයෑමෙන් බලපෑමට ලක්වූ චීනයේ Gyirong ප්‍රදේශයට පැමිණ මාධ්‍ය ආවරණය කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන්ගේ පිරිසක් සංවිධානය කර ඇත. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පූරුව, බ්‍රසීලය ඇතුළු රටවල මාධ්‍යවේදීහු ඒ අතර සිටිති. Gyirong ප්‍රදේශයේ බලපෑම් එල්ල වූ ප්‍රධාන ස්ථානවලට ගොස් ආපදා තත්ත්වය, ගලවා ගැනීමේ කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට අවස්ථා සැලසී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *