චීන වෙරළාරක්ෂක බලකාය අද(1) චීන තායිවාන දූපතේ නැගෙනහිර මුහුද ආශ්‍රිත කලාපයේ මුර සංචාරයක් ක්‍රියාත්මක කරයි.
චීන වෙරළාරක්ෂක බලකායට අයත් Daishan නෞකා කණ්ඩායම අදාළ මුහුදු කලාපයේ මුර සංචාර සිදුකරමින් නීති බලාත්මක කරන බව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Jiang Lue මහතා ප්‍රකාශ කළේය. චීන තායිවාන දූපතේ නැගෙනහිර මුහුදු සීමා නිශ්චිත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ජපානය හා පිලිපීනය ඒකපාර්ශ්විකව නිවේදනයක් නිකුත් කර ඇත. එය චීන භෞමික අඛණ්ඩතාවය හා මුහුදු අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය යොදා ගත් අදාළ මුර සංචාර අත්‍යවශ්‍ය පියවරක් වේ. චීන ස්වාධිපත්‍යයට හා අයිතිවාසිකම්වලට හානි කරන සියළු නීති විරෝධී මෙහෙයුම් වහාම නතර කරන ලෙස ජපානය හා පිලිපීනය යන රටවල්වලින් චීනය ඉල්ලා සිටී. චීන වෙරළාරක්ෂක බලකාය අදාළ මුහුදු කලාපයේ පාලනය අඛණ්ඩව තහවුරු කරමින් සැබෑ ක්‍රියාවන් මගින් රටේ ස්වාධිපාත්‍ය හා නාවික අයිතිවාසිකම් දැඩි ලෙස සුරක්ෂිත කරන බවද එහි චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයා පැවසීය.
