චීන විදේශ අමාත්‍යවරයා සහ ආසියාන් මහලේකම්වරයා අතර හමුවක්

චීන විදේශ අමාත්‍යවරයා සහ ආසියාන් මහලේකම්වරයා අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ(ASEAN)මහලේකම් Kao Kim Hourn මහතා හමු විය. ඒ ඊයේ(15) බෙයිජිංහිදී ය.

චීනය ආසියාන් සංවිධානයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් එය චීනයේ අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවත් Wang Yi මහතා එහිදී පැවසීය. මෙම වසරේ චීනය සහ ආසියාන් සංවිධානය අතර විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 5 වන සංවත්සරය සහ ද්විපාර්ශ්වික සංවාද සබඳතාවයේ 35 වන සංවත්සරය සනිටුහන් කරයි. එය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව අවස්ථා විවර කරනු ඇත.

ආසියාන්හි සමගිය සහ ඒකාබද්ධ ගොඩනැඟීම සඳහා චීනය අඛණ්ඩව සහාය දෙන බවත්, පොදු ඉරණමක් සහිත චීන-ආසියාන් ප්‍රජාවක් ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියාන් සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් Wang Yi මහතා වැඩිදුරටත් ප්‍රකාශ  කර ඇත.

ආසියාන් සංවිධානය චීනය සමග අවස්ථා බෙදා ගනිමින් අභියෝගවලට එක්ව මුහුණ දීමට කැමැත්තෙන් සිටින බවත්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කර ආසියාන්-චීන සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවත් Kao Kim Hourn මහතා එහිදී සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *