චීන උප ජනාධිපති Han Zheng මහතා ඊයේ(15) බෙයිජිං හි පැවති 13 වන Xiangshan සංසදයේ පිළිගැනීමේ භෝජන සංග්‍රහයට එක්වෙමින් කථාවක් පැවැත්වීය. රටවල් සහ කලාප 100කට ආසන්න සංඛ්‍යාවක නිල නියෝජිතයෝ ඊට සහභාගි වූහ.
වර්තමාන ලෝකය මුහුණ දෙන අභියෝග හමුවේ වුවද සාමය, සංවර්ධනය, සහයෝගිතාවය සහ ජයග්‍රාහී ප්‍රතිඵල සහිත කාලයන් හි ප්‍රවණතාවය නොබිඳිය හැකි බවත්, ලෝක බහු ධ්‍රැවීයතාව සහ ආර්ථික ගෝලීයකරණය කෙරෙහි ඇති පොදු පෙළඹවීම ආපසු හැරවිය නොහැකි බවත් Han Zheng මහතා එහි දී පැවසීය.
සියලු රටවල ජනතාවට සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳව අන් කවරදාටත් වඩා ශක්තිමත් අභිලාෂයක් ඇති අතර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය කෙරෙහි ඇති ඔවුන්ගේ හඬ තීව්ර වෙමින් පවතී.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ආරක්ෂා කිරීම, සැබෑ බහුපාර්ශ්විකත්වය තහවුරු කිරීම, සංවාද සහ උපදේශන තුළින් වෙනස්කම් හා ගැටලු විසඳීම, ජනතාවට මුල්තැන දීම මෙන්ම තාක්ෂණය මානව වර්ගයාට ප්‍රයෝජනවත් වන බව සහතික කිරීමේ අවශ්‍යතාවය Han Zheng මහතා එහි දී අවධාරණය කළේය.
