චීන-රුසියා “2026 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”හා මුර සංචාරය සඳහා එක් වන දෙරට නෞකා කණ්ඩායම් චීනයේ Qingdao යුද වරායට පැමිණේ 

චීන-රුසියා “2026 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”හා මුර සංචාරය සඳහා එක් වන දෙරට නෞකා කණ්ඩායම් චීනයේ Qingdao යුද වරායට පැමිණේ 

චීන-රුසියා “2026 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය”හා මුර සංචාරය සඳහා එක් වන රුසියානු නෞකා කණ්ඩායම අද (5) නැගෙනහිර චීනයේ Qingdao යුද වරායකට පැමිණ තිබේ. අදාළ නෞකා කණ්ඩායම සහ චීන යුද නෞකා කණ්ඩායම ඒකාබද්ධ යුද අභ්‍යාසයට පෙර දෙපාර්ශ්වයේ නාවික හමුදා හමුව එහි දී සනිටුහන් කෙරිණ. 

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයට අනුව, මේ මස චීන-රුසියා “2026 නාවික ඒකාබද්ධ යුද අභ්‍යාසය” චීනයේ Qingdao වරායට ආසන්න මුහුදු හා ගුවන් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතය. එම යුද අභ්‍යාසය අවසන් වීමෙන් පසු දෙරටේ නාවික හමුදා කණ්ඩායමක් ශාන්තිකර කලාපීය මුහුදු ප්‍රදේශයට ගොස් ඒකාබද්ධ මුර සංචාරයක් පවත්වනු ඇත. එම වැඩසටහන චීන-රුසියා යුද හමුදා වාර්ෂික සහයෝගිතා වැඩසටහන තුළ සැලසුම් කර ඇති ක්‍රියාකාරකමකි. ආරක්ෂක අභියෝගයන්ට ඒකාබද්ධව මුහුණ දෙමින් දෙරට කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීම එහි ප්‍රධාන අරමුණය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *