චීන තරුණ දිනය වෙනුවෙන් ජනපතිගෙන් සමස්ත චීන තරුණ පරපුරට සුබපැතුම්

චීන තරුණ දිනය වෙනුවෙන් ජනපතිගෙන් සමස්ත චීන තරුණ පරපුරට සුබපැතුම්

එළඹෙන මැයි 4වැනි දින හෙවත් චීන තරුණයින්ගේ දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තරුණ පරපුර දිරිගන්වයි. චීන මැයි 4වැනි දින සම්මානයෙන් සහ නව යුගයේ ආදර්ශමත් තරුණ සම්මානයෙන් පිදුම් ලැබූ තරුණයින් 16 දෙනෙකු පසුගිය දා චීන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය රාජකාරි කටයුතු මෙන්ම නව යුගයේ රට හා ජනතාව වෙනුවෙන් උපරිමයෙන් සේවය කිරීමේ අධිෂ්ඨානය පිළිබඳව පැහැදිලි කර ඇත.

ඊයේ (2) ෂී ජින්පිං ජනාධිපතිවරයා ඊට පිළිතුරු ලිපියක් යොමු කළේය. හෙට(4) දිනයට යෙදෙන චීන තරුණයින්ගේ දිනය නිමිති කරගෙන හෙතෙම එම ලිපියෙන් සමස්ත චීන තරුණ පරපුර වෙත සුභාශිංසනය පිරිනැමීය. එසේම එම ආදර්ශමත් තරුණයින් 16 දෙනා ඇතුළු තරුණ පරපුර වෙත චීන ජනාධිපතිවරයා සිය අපේක්ෂා ද පළ කර තිබේ.

රටේ විද්‍යා තාක්ෂණ, ග්‍රාමීය පුනරුදය, සමාජ සේවා හා ජාතිකාරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රයන්හි බිම් මට්ටමින් සිය කාර්යභාරයන් මැනවින් ඉටු කළ ආදර්ශමත් තරුණයින් අගය කරමින්, චීන ජනාධිපතිවරයා කියා සිටියේ චීනයේ 15වැනි පස්අවුරුදු සැලසුම ආරම්භ කළ මේ වසරේ තරුණයින්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවය. රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට ක්‍රියාශීලීව එක් වෙමින් නව ගමනේදී සිය තරුණ ශක්තිය උපරිමයෙන් පෙන්නුම් කරන ලෙස චීන ජනාධිපතිවරයා සිය ලිපිය මගින් එම ආදර්ශමත් තරුණයින් 16 දෙනා ඇතුළු තරුණ පරපුරෙන් ඉල්ලීමක් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *