කියුබාවේ ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් චීනය දැඩි ලෙස සහාය දක්වන අතර, කියුබාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පවසයි.
කියුබාව ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට අඛණ්ඩව තර්ජනය කරන බවට හේතු දක්වමින්, ඇමරිකා ජනාධිපතිවරයා පසුගිය 1 වැනිදා කියුබාවට එරෙහි සම්බාධක පුළුල් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීය.
කියුබාවට එරෙහිව ඇමරිකාව නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක තීව්ර කර ඇති අතර එය කියුබාවේ ජනතාවගේ පැවැත්මේ සහ සංවර්ධනයේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එමෙන්ම ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය. කියුබාවට එරෙහි සියලු ආකාරයේ සම්බාධක, අවහිර කිරීම් හා බලහත්කාරකම් වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
