චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(01) පෙරවරු බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ද ඔහු සඳහන් කළේය. වසර 105 ක මෙම ගමන්මග මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය ද මනාව පෙන්නුම් කර ඇත. එමෙන්ම, වසර 105 ක මෙම අඛණ්ඩ ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත් ව චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමට දායක වී ඇති බවත් ඔහු පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එහිදී, පක්ෂය වෙනුවෙන් සුවිසල් දායකත්වයන් ලබා දුන් කැපී පෙනෙන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්, පක්ෂ කටයුතුවලදී නිරන්තරයෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන නිලධාරීන් සහ බිම් මට්ටමේ පක්ෂ සංවිධාන වෙත පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ පිරිනැමීය.

2021 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුමේදී‘ජූලි 1 පදක්කම’ප්‍රථම වරට පිරිනමනු ලැබීය. එම අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ 29දෙනෙක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූ දෙවන අවස්ථාව මෙයයි. එහිදී පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින පක්ෂ සාමාජිකයන් 8දෙනෙකුට මෙම සම්මානය හිමි විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *