චීන උප අගමැති රුසියානු ජනපති හමු වෙයි

චීන උප අගමැති රුසියානු ජනපති හමු වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික,උප අගමැති Ding Xuexiang මහතා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා හමු වෙයි. එම හමුව ඊයේ (02) රාත්‍රියේ රුසියාවේ Vladivostok හිදී පැවැත්විණ.

දෙරටේ නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට සහ ස්ථිර පියවරයන් සමග දෙපාර්ශ්වය අතර අවශ්‍යතා ඒකාබද්ධ කිරීම ගැඹුරු කිරීම සඳහා රුසියාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Ding Xuexiang මහතා එහිදී පැවසීය. චීනයේ ඊසානදිග පුනර්ජීවන උපායමාර්ගය සහ රුසියාවේ ඈතපෙරදිග සංවර්ධන උපායමාර්ගය අතර පෙළගැස්ම ශක්තිමත් කිරීම දෙපාර්ශ්වයම අඛණ්ඩව කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම, අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණයන්හි ප්‍රතිඵල තුළින් දෙරටේ ජනතාවට නිසි ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි දෙපාර්ශ්වයම සහයෝගීතාවයේ පරිමාණය සහ මට්ටම තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව ඔහු පැවසීය.

මෙම වසර රුසියාව සහ චීනය අතර අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව Putin මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම දෙරටේම ඒකාබද්ධ උත්සාහයන් මගින්, රුසියානු-චීන සබඳතා මේ වන විට පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී ඇති බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බවත් ඔහු පැවසීය. එබැවින් ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා චීනය සමග උපායමාර්ගික සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියානු ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *