චීන – ඊජිප්තු ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. 2026 වසරට යෙදෙන චීන-ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන්හි 70වන සංවත්සරය නිමිති කරගෙන, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මේ මස 1 සහ 2 යන දෙදින නිරත වූ ඊජිප්තු නිල සංචාරය අතරතුර එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.
1949 වසරේ ඔක්තෝබර් පළමුවන දින පිහිටුවන ලද චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් පළමු අරාබි හා අප්‍රිකානු රට වූයේ ඊජිප්තුවයි. ගෙවුණු වසර 70 තුළ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමවිටම ස්ථාවර හා විධිමත් මට්ටමේ පැවතිණ. මෙවර චීන ජනාධිපතිවරයාගේ ඊජිප්තු සංචාරයේදී දෙරටේ ජනාධිපතිවරුන් නිල සාකච්ඡාවක් පවත්වමින්, 2014 වසරේ දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත වීම තුළින් ලද ජයග්‍රහණ සමාලෝචනය කළ බව එම ඒකාබද්ධ නිවේදනයෙහි සඳහන් වේ. එම හවුල්කාරීත්වය ඉදිරියේදී වඩාත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු , එම සාකච්ඡාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඊජිප්තු ජනාධිපති Abdel Fattah El‑Sisi මහතා ඉස්මතු කළහ. එසේම දෙපාර්ශ්වය පොදුවේ සැලකිල්ල දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ අදහස් හුවමාරු කරගනිමින් පොදු එකඟතාවකට පැමිණ තිබේ.
සාර්ථක ප්‍රතිඵල අත්කරගත් චීන ජනාධිපතිවරයාගේ මෙවර ඊජිප්තු සංචාරය , ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කඩඉමක් වූ බව එම ඒකාබද්ධ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.
