චීනයේ Shenzhou 21 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායමේ තුන් වන මොඩියුලයේ බාහිර ක්‍රියාකාරකම සාර්ථකව සිදු කෙරේ. අද(17) 01:36ට Zhang Lu, Wu Fei, Zhang Hongzhang යන ගගනගාමින් මොඩියුලයෙන් බැහැරව පැය 5.5ක පමණ කාලයක් පුරා අදාළ ක්‍රියාකාරකම සිදු කළේ රොබෝ තාක්ෂණයේ හා ගොඩබිමේ සිටින විද්‍යාත්මක පර්යේෂකයන්ගේ ආධාරයෙනි. අභ්‍යවකාශ සුන්බුන් ආරක්ෂණ උපාංග ස්ථාපනය කිරීම මෙන්ම, මොඩියුලයේ බාහිර උපකරණ සහ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු කාර්යයන් ඔවුන් සාර්ථකව නිම කළහ.
මේ දක්වා, ගගනගාමියෙකු වන Zhang Lu මොඩියුලයේ බාහිර ක්‍රියාකාරකම් හත් වරක් සිදු කර ඇති අතර, එය චීන ගගනගාමියෙකු විසින් සිදු කරන ලද මොඩියුලයෙන් බැහැර වැඩිම ක්‍රියාකාරකම් ප්‍රමාණයේ වාර්තාව බිඳ දමා ඇත.
