චීන ජනපතිගෙන් 2026 ගෝලීය පාලන සංසදයට ලිපියක්

චීන ජනපතිගෙන් 2026 ගෝලීය පාලන සංසදයට ලිපියක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(23) 2026 ගෝලීය පාලන සංසදයට (Xiongan) ලිපියක් යොමු කළේය.

එහිදී ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ, වර්තමාන ලෝකය සියවසකින් නොදුටු පරිවර්තනයකට වේගයෙන් අවතීර්ණ වී ඇති බවය. සාමය, සංවර්ධනය, ආරක්ෂාව සහ පාලනය පිළිබඳ පවතින ඌනතාවයන් තවදුරටත් වැඩි වෙමින් පවතින බව ද ඔහු සඳහන් කර ඇත. ෂී ජින්පිං මහතා යෝජනා කළ ගෝලීය පාලන මුලපිරුමේ අරමුණ වන්නේ, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සහ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමයි. උපදේශනය, ඒකාබද්ධ දායකත්වය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳ ගෝලීය පාලන සංකල්පය ක්‍රියාත්මක කිරීමට, විශ්වාසයෙන් ශක්තිය එක්රැස් කිරීමට සහ සහයෝගීතාවෙන් ගැටලු විසඳීමට චීනය සියලු පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම ගෝලීය පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරමින්, වෙනස්කම් හා අස්ථාවරභාවයන්ගෙන් පිරුණු ලෝකයට ස්ථාවරභාවය සහ ධනාත්මක ශක්තිය එක් කිරීමටත්, පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් චීනය සියලු පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *