දිගු පා ගමනේ ජයග්‍රාහී මෙහෙවර ඉදිරියට ගෙන යාමට චීන ජනපතිගෙන් ඇරයුම්

දිගු පා ගමනේ ජයග්‍රාහී මෙහෙවර ඉදිරියට ගෙන යාමට චීන ජනපතිගෙන් ඇරයුම්

චීන රතු හමුදාවේ දිගු පා ගමනේ ජයග්‍රාහී 90වැනි සංවත්සර සැමරුම් සම්මේලනය අද(22) බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහාලේකම්, ජනාධිපති, හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එම සම්මේලනයට එක්වෙමින් දේශනයක් සිදු කළේය.

ඉතිහාසය සමාලෝචනය කිරීමෙන් පමණක් වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය. සමස්ත පක්ෂය, හමුදාව හා විවිධ ජන වාර්ගික කණ්ඩායම්වලට අයත් ජනතාව, චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කේන්ද්‍ර කර ගෙන ශ්‍රේෂ්ඨ දිගු පා ගමනේ ජීවගුණය තවදුරටත් විදහා පාමින් ඉදිරියට ගමන් කළ යුතුය.  එහි විප්ලවීය පුරෝගාමීන් ඇරඹූ දැවැන්ත ව්‍යායාමය නොනවත්නා ඉදිරියට මෙහෙයවමින්, නව දිගු පා ගමනේදී නවමු දීප්තියක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියාසිටියේය.

චීන රතු හමුදාවේ දිගු පා ගමන චීන කොමියුනිස්ට් පක්ෂයේ, චීනයේ සහ චීන හමුදාවේ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් බවත්, චීන ජාතියේ මහා පුනර්ජීවනයට එය ප්‍රබල බලපෑමක් ඇති කර ඇති බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චීන රතු හමුදාවේ දිගු පා ගමන අද්විතීය ආශ්චර්යයක් නිර්මාණය කළ අතර එමගින් ශ්‍රේෂ්ඨ දිගු පා ගමනේ ජීවගුණය ද ගොඩනැගුණි.  ඒ තුළින් පක්ෂපාතීත්වයේ, සත්‍යයේ, යුක්තියේ මෙන්ම එකමුතුකමේ ශක්තිය මැනවින් විදහා දැක්වේ. චීන කොමියුනිස්ට්වාදීන්ගේ අධ්‍යාත්මික උරුමයේ වැදගත් කොටසක් ලෙස, එය සැමවිටම වටිනා වත්කමක් සහ දුෂ්කරතා ජයගෙන ඉදිරියට යාමට අපව දිරිමත් කරවන ප්‍රබල ගාමක බලවේගයක් වනු ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *