චීනයේ මෙම වසරේ මුල් කාර්තු තුනෙහි දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 4.6% ක්

චීනයේ මෙම වසරේ මුල් කාර්තු තුනෙහි දළ දේශීය නිෂ්පාදිත වර්ධනය 4.6% ක්

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය මෙම වසරේ මුල් කාර්තු තුනෙහි ආර්ථික දත්ත නිකුත් කරයි. රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය අද(19) පැවති මාධ්‍ය හමුවකදී අදාළ දත්ත ඉදිරිපත් කෙරිණ. 

පළමු කාර්තු තුන තුළ, චීන ජාතික ආර්ථිකය විවිධ පීඩනයන්ට ඔරොත්තු දෙමින් ස්ථාවර ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට සමත් විය. විදේශ වෙළඳාම ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කළ අතර, සේවා නියුක්තිය සහ මිල ගණන් සමස්තයක් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. එසේම, ජනතාවගේ ජීවනෝපායන් ඵලදායීව තහවුරු කිරීම ද විශේෂත්වයකි. මූලික ඇස්තමේන්තුවලට අනුව, පළමු කාර්තු තුනෙහි දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 107.1ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 4.6%ක වර්ධනයකි.

එම කාලය තුළ, චීනයේ භාණ්ඩ ආනයන සහ අපනයනවල මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 40කට ආසන්න වන අතර, එය පෙර වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 18.8%ක වැඩි වීමකි. ඒ අතරින් අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 23.2ක් පමණ වන අතර එය වාර්ෂිකව 16.4%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. එමෙන්ම ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 16.7ක් වන අතර එය 22.3%කින් ඉහළ ගොස් තිබේ.  “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලෙහි පොදු සංවර්ධනයට එක්වන රටවල් සමග සිදු කළ ආනයන සහ අපනයන වටිනාකම 17.1%කින් වර්ධනය වීම ද විශේෂත්වයකි. 

එම කාලසීමාව තුළ, චීනයේ උපකරණ නිෂ්පාදන සහ අධි-තාක්ෂණික නිෂ්පාදන අංශ ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. කාර්මික රොබෝ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව 29.1%කින් ඉහළ ගොස් ඇත. තවද, 3D මුද්‍රණ උපකරණ සහ ලිතියම්-අයන බැටරි නිෂ්පාදනය පිළිවෙලින් 62.5%කින් සහ 39.5%කින් වැඩි වී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *