චීන මාධ්‍ය සමූහය, චීන සිනමා පරිපාලනය සහ Zhejiang පළාතේ මහජන රජයේ පොදු ප්‍රධානත්වයෙන් 2026 යැංසි ගංගා ඩෙල්ටා ජාත්‍යන්තර යොවුන් සිනමා සතිය ආරම්භ කෙරේ.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඇතුළු ආරාධිතයෝ පිරිසක් ඊයේ(17) Zhejiang හි Ningbo නගරයේ පැවති මෙම සිනමා සතියේ සමාරම්භක උත්සවයට එක් වූහ.
2026 යැංසි ගංගා ඩෙල්ටා ජාත්‍යන්තර යොවුන් සිනමා සතිය, තරුණ සිනමා ශිල්පීන් වෙත අවධානය යොමු කරන චීනයේ ප්‍රථම සිනමා සතියයි. වෘත්තිමය බවින් යුත් විස්තීර්ණ සිනමා වේදිකාවක් ගොඩනැංවීම, තාරුණ්‍යයේ නව සිනමා නිර්මාණ හා හැකියාවන්ට සහාය වීම,, සිනමාව සඳහා වූ නව පරපුර පෝෂණය කිරීම, ජාත්‍යන්තර සිනමාව සමග සන්නිවේදනය තහවුරු කිරීමේ අරමුණින් මෙය පැවැත්වේ.
මෙම සිනමා සතිය අතරතුර, චීන-අප්‍රිකා තරුණ සිනමා ශිල්පීන්ගේ වට මේස සාකච්ඡාව, චීනයේ සමුද්‍ර සන්ධි දෙපස හා චීනයේ හොංකොං සහ මැකව් විශේෂ පරිපාලන කලාපයන්හි සිනමා හා රූපවාහිනි කර්මාන්ත සංවාද ඇතුළු වැඩමුළු රැසක් ද පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
2026 යැංසි ගංගා ඩෙල්ටා ජාත්‍යන්තර යොවුන් සිනමා සතිය ලබන 23 වැනි දා නිමාවට පත් වනු ඇත.
