පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ

පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ

පස්වන ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (18) රාත්‍රියේ ජපානයේ Nagoya නගරයේදී පැවැත්විණ.

ආරම්භක උත්සවයේදී, චීන නියෝජිත කණ්ඩායම නියෝජනය කරන පැරා බල එසවීමේ ක්‍රීඩක Yan Panpan සහ පැරා ටයිකොන්ඩෝ ක්‍රීඩිකා Li Yujie යන දෙදෙනා චීන ජාතික ධජය රැගෙන සිය නියෝජිත කණ්ඩායම මෙහෙයවමින් ක්‍රීඩාංගනය තුළට පිවිසියහ.

චීන ක්‍රීඩා නියෝජිත කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 312 දෙනෙකු, තරග කාණ්ඩ 17ක් යටතේ ඉසව් 335කට සහභාගී වනු ඇත.

මෙවර ක්‍රීඩා උළෙලේදී, තරග කාණ්ඩ 18ක් යටතේ ඉසව් 502ක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. ඉදිරි දින හත තුළ ආසියානු රටවල් හා කලාප 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට අධික පිරිසක් ක්‍රීඩා පිටියේදී දස්කම් දක්වමින්, නොපසුබට උත්සාහයේ අභිමානය විදහා දක්වනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *