ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ(APEC) 33 වන මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුව ලබන 20-21 යන දෙදින චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේදී පැවැත්වීමට නියමිතය.
APEC යාන්ත්‍රණය යටතේ පවතින වඩාත් වැදගත් ඇමති මට්ටමේ සමුළුව මෙයයි.
චීන මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් මෙවර සමුළුව පිළිබඳව දැනුවත් කරමින් ප්‍රකාශ කළේ මෙම සමුළුව මගින්, ආසියා-පැසිෆික් ආර්ථික ඒකකයන් අතර සර්ව ආර්ථික ප්රතිපත්තීන් පිළිබඳ සන්නිවේදන, මූල්‍ය හා මුදල් සහයෝගිතා තහවුරු කිරීමට ප්‍රධාන වේදිකාවක් ගොඩනගා ඇති බවය.
ආසියා-පැසිෆික් ආර්ථික සංවර්ධනයේ නව තත්ත්වයන්ට අනුකූලව, සමුළුව සඳහා ප්‍රධාන මාතෘකා හතරක් ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළේය. ජන ජීවිතයේ සංවර්ධනයට හිතකාමී මූල්‍ය ප්‍රතිපත්තීන්ට අනුබල දීම, ඩිජිටල් යටිතල පහසුකම් සඳහා මුදල් එකතු කිරීම ඊට ඇතුළත් වේ. එමෙන්ම, ඒ ඒ කලාපයන්ට අනන්‍ය වූ ලක්ෂණයන්ට අනුව සහභාගීත්වයෙන් යුතු මූල්‍ය සංවර්ධනය තහවුරු කිරීම සහ යොවුන් මූල්‍ය වෘත්තිකයන් අතර හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීම ද එම මාතෘකා අතරට එක් වන බව ද චීන මුදල් අමාත්‍යාංශයේ නිලධාරියා වැඩිදුරටත් විග්රහ කළේය.
