චීන ලක්ෂණ සහිත සෞඛ්‍ය සම්පන්න සංවර්ධන මාවත දිගේ තරයේම ගමන් කළ යුතු බවත්, “15 වන පස් අවුරුදු” සැලසුම් කාලයේ(2026-2030) සෞඛ්‍ය සම්පන්න චීනයක් ගොඩනැංවීමෙන් සංධිස්ථානාත්මක ප්‍රගතීන් ලබා ගැනීම සහතික කළ යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. හෙතෙම මෙම උපදෙස් ලබා දී ඇත්තේ, ඊයේ(12) සහ අද(13) බෙයිජිංහි පැවති ජාතික සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ සමුළුවට එක්ව දේශනයක් සිදු කරමිනි.
ජනතාවගේ නිරෝගී බව, ජාතියේ සමෘද්ධිය හා රටේ ශක්තිය සඳහා වන වැදගත් සංකේතයක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික සම්මේලනයෙන් පසු, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න කටයුතුවලට උපායමාර්ගික වශයෙන් ප්රමුඛත්වයක් ලබා දී තිබේ. නව යුගයට අනුකූලව ඒ සඳහා මධ්‍යම කාරක සභාව මාර්ගෝපදේශ ලබා දී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, ජනතාවගේ නිරෝගී බව සහතික කිරීම විවිධ ප්රතිපත්තීන් හා සම්බන්ධ කර ගත යුතුය. රෝග වැළැක්වීම ඵලදායී සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේද අතරින් වඩාත් කැපී පෙනෙන ක්‍රමයයි. මේ සඳහා විනෝදාස්වාදය සමග ඒකාබද්ධව සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීමට ජනතාව දිරිගැන්විය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, වෛද්‍ය සේවා මට්ටම් පූර්ණ වශයෙන් ඉහළ නංවාලීම සෞඛ්‍ය සම්පන්න චීනයක් ගොඩනැංවීම සඳහා වන ප්‍රධාන කාර්යයක් බව පවසමින්, චීනයේ ආවේණික වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමය ඒකාබද්ධ කිරීම තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය. සෞඛ්‍ය සම්පන්න මෙහෙවර තුළින් ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවන් හා වෛද්‍ය සේවාවල නියුතු වෘත්තීය පුද්ගලයන් පෝෂණය කිරීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කර ඇත.
මේ අතර, සෞඛ්‍ය සම්පන්න මානව ප්‍රජාවක් ගොඩනැංවීම ක්‍රියාකාරීව තහවුරු කරමින් විවිධ රටවල ජනතාවගේ නිරෝගී බව සහතික කළ යුතු බවත්, ඒ සඳහා සෙසු රටවලට ලබා දී ඇති සහාය තවදුරටත් පුළුල් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.
