පැරගුවේ සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍ය Gustavo Emigdio Villate Samaniego ට එරෙහිව ප්‍රතිපියවර ගැනීමේ තීරණය චීන විදේශ අමාත්‍යාංශය අද(12) නිකුත් කර ඇත.
මීට වසර කිහිපයක සිට, සිය වාසි සඳහා පැරගුවේ ඇතැම් දේශපාලනඥයෝ පැරගුවේ හා චීනයේ තායිවාන ප්‍රදේශය අතර ඊනියා “රාජ්‍යතාන්ත්‍රික සබඳතාව” පවත්වා ගැනීමට අයුතු ලෙස අනුබල දෙමින් සිටිති. චීනය සම්බන්ධයෙන් පැරගුවේ සිදු කළ අයුතු ක්‍රියාවන් හා ප්‍රකාශ චීනයේ මූලික අවශ්‍යතාවලට බලපෑම් එල්ල කර ඇති බව ද එහිදී සඳහන් කෙරිණ. ඒ අනුව රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ අදාළ විධිවිධානවලට අනුකූලව, පැරගුවේ සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යවරයා වෙත ප්‍රතිපියවර ගැනීමට චීනය තීරණය කර තිබේ.
චීනය තුළ ඔහුගේ චංචල දේපළ, නිශ්චල දේපළ සහ අනෙකුත් වත්කම් අත්හිටුවීම ඊට ඇතුළත් වේ. චීනයේ සංවිධාන හා පුද්ගලයින්ට ඔහු සමග ගනුදෙනු හා සහයෝගීතාව පැවැත්වීම ඇතුළු ක්‍රියාවන් ද තහනම් කර ඇත. එමෙන්ම, ඔහුට වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති අතර චීනයට ඇතුළුවීම ද තහනම් කෙරිණ. චීනයේ හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාපවල සංචාරය කිරීම ද ඔහුට තහනම් කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයට අනුව අද සිට මෙම ප්‍රතිපියවර ක්‍රියාත්මක කෙරේ.
ඊට අමතරව, චීන විදේශ අමාත්‍යාංශයට අනුව, බෙලීස් විදේශ කටයුතු, විදේශ වෙළඳාම, අධ්‍යාපන, සංස්කෘතික හා තාක්ෂණ පිළිබඳ අමාත්‍ය Francis Fonsecaට එරෙහිව ද චීනය ප්‍රතිපියවර ගැනීමට තීරණය කර ඇත.
