ඊනියා “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” යන කරුණ මුවාවෙන් ක්‍රියාත්මක කෙරෙන වෙළඳ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්, අදාළ රටවල් හෝ ආර්ථිකයන් චීනයේ අවශ්‍යතාවන්ට හානිකර වන ක්‍රියාමාර්ග ගතහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඇමරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් පසුගිය බදාදා (07) දින නිකුත් කරන ලද නිවේදනයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ඊයේ (09) මේ බව සඳහන් කළේය.
අදාළ නිවේදනයට අනුව, ඇමරිකාව තවත් රටවල් 14ක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා, ඊනියා “ව්‍යුහාත්මක අතිරික්ත නිෂ්පාදන ධාරිතාව සහ නිෂ්පාදනය” හා සම්බන්ධ ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශයකට අත්සන් තබා තිබේ. මෙම ඊනියා “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් චීනය විවිධ අවස්ථාවන්හිදී සිය ස්ථාවරය පැහැදිලි කර ඇති අතර, පසුගිය ජූලි මාසයේදී ඒ පිළිබඳ විශේෂ ප්‍රතිපත්තිමය ස්ථාවර ලේඛනයක් ද නිකුත් කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
නිෂ්පාදන ධාරිතාවට අදාළ ගැටලු සම්බන්ධයෙන් සියලු කරුණු සලකා බලා අපක්ෂපාතීව, පුළුල්, සහ සාධාරණ දෘෂ්ටිකෝණයකින් විමසා බැලිය යුතු බව චීනය නිරන්තරව අවධාරණය කර තිබේ. එමෙන්ම තම රටවල කාර්මික තරගකාරිත්වය සහ වෙළඳපළ තුළ පවතින ස්ථානය පිළිබඳ ඇති කනස්සල්ල හේතුවෙන් ආර්ථික හා වෙළඳ කටයුතු දේශපාලනීකරණය නොකළ යුතු බව ද චීනයේ ස්ථාවරය වී ඇත.
කෙසේවෙතත් ඇතැම් රටවල් ඊනියා “අතිරික්ත නිෂ්පාදන ධාරිතාව” යන්න මුවාවෙන් වෙළඳ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහයන්ට චීනය විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මෙහිදී අවධාරණය කළේය. එවැනි ක්‍රියාමාර්ග හරහා ගෝලීය ආර්ථික හා වෙළඳ පද්ධතියේ ක්‍රමවේදයට බාධා ඇති වන අතර, ගෝලීය කාර්මික හා සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය දුර්වල වන බව ද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙවැනි ප්‍රතිපත්ති ගෝලීය ආර්ථික වර්ධනයට දිගුකාලීන අවදානම් ඇති කළ හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
තවද, අදාළ රටවල් මෙම ගැටලුව මුවාවෙන් චීනයේ අවශ්‍යතාවන්ට හානිකර ක්‍රියාමාර්ග අනුගමනය කළහොත්, චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව ද චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත. විවෘතභාවය සහ සහයෝගීතාවය තුළින් නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීමට අඛණ්ඩව කැපවන චීනය, සාධාරණ හා යුක්තිසහගත ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සහාය දක්වන බවත් එහි ප්‍රකාශකයා අවධාරණය කර ඇත. එසේම, වෙළඳපළ ආර්ථිකයේ මූලධර්මයන්ට ගරු කරමින්, ගෝලීය කාර්මික හා සැපයුම් දාම හරහා ක්‍රියාත්මක වන විවෘත සහ සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් සහයෝගිතා රාමුවක් ඒකාබද්ධව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ද චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
