අසා­ර්ථක මරණ දඬු­ව­ම­කින් පසු රෝහ­ල්ගත කළ අමෙ­රි­කානු කාන්තාව සිහිය ලබයි

අසා­ර්ථක මරණ දඬු­ව­ම­කින් පසු රෝහ­ල්ගත කළ අමෙ­රි­කානු කාන්තාව සිහිය ලබයි

අමෙ­රි­කාවේ ටෙනෙසි ප්‍රාන්ත බන්ධ­නා­ගා­ර­යේදී විෂ සහිත ඖෂධ මාත්‍ර එන්න­ත්ක­රණ 2කින්ම අසා­ර්ථක වූ මරණ දඬු­ව­ම­කින් පසු ප්‍රාන්ත රෝහ­ලක දැඩි සත්කාර ඒක­කයේ අසාධ්‍ය තත්ත්ව­යෙන් පසුවු 50 හැවි­රිදි ක්‍රිස්ටා පයික් සිහිය ලබා ඇතැයි වාර්තා වේ. මීට වසර 30කට පෙර සිය විශ්ව­වි­ද්‍යාල මිතු­රි­යක කෘෘර ලෙස වධ හිංසා­වට ලක් කර ඝාත­නය කිරීම සම්බ­න්ධව මරණ දඬු­වම නියම වී සිටි ඇය මාරා­න්තික එන්නත් ශරී­ර­ගත කිරී­මෙන් පසු­වත් දිවි බේරා­ගත් ලොව පළමු පුද්ග­ලයා බවට සැල­කෙන අතර, එය වෛද්‍ය විද්‍යාවේ පෙර නොවූ විරූ විස්මිත සිදු­වී­මක් වෛද්‍ය විශේ­ෂ­ඥ­යන්ගේ අද­හස වී තිබේ. විෂ ඖෂධ මාත්‍රා එන්නත් කිරීම අසා­ර්ථක වීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, එම ඖෂ­ධය ඇගේ රුධි­ර­යට ඇතුළු වීම වෙනු­වට බාහුවේ පටක අත­රට ඇතුළු වී ඇති බව වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් අනු­මාන කර ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් ටෙනෙසි ප්‍රාන්ත රෝහ­ලක දින ගණ­නා­වක් පුරා කෘත්‍රිම ස්වසන යන්ත්‍ර ආධා­ර­ක­යෙන් ජීවි­තය රැක­ගත් ඇගේ සිරුරේ විෂ ඉවත් කිරී­මට වෛද්‍ය­වරු පිය­වර ගැනී­මෙන් පසු සිහිය ලැබු­වද, මොළ­යට සිදුවී ඇති හානිය හේතු­වෙන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය අවි­නි­ශ්චිත බව වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *