චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය විසින් ‘නව ගුණාත්මක ඵලදායිතාවයේ සංවර්ධනය පිළිබඳ යෝජනා’ නමැති ලේඛනය නිකුත් කර ඇත.
එම ලේඛනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනය ඉදිරියට ගෙන යාම, කාර්මික නවෝත්පාදනය සමග විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනය ඒකාබද්ධ කිරීම, සංවර්ධන ආකෘති නවෝත්පාදනය කිරීම, ආයතනික හා යාන්ත්‍රණ නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවීම සහ කුසලතා ආශ්රිත යාන්ත්‍රණයන්හි නවෝත්පාදනය පුළුල්ව සිදු කිරීම යන කරුණු පහක් ආවරණය වන පරිදි වැදගත් පියවර 19ක් ඉදිරිපත් කරයි.
නවෝත්පාදනයෙන් මෙහෙයවනු ලබන සංවර්ධනය, ප්‍රතිසංස්කරණයේ ප්රමුඛ ස්ථානය, ප්‍රාදේශීය තත්ත්වයන්ට ගැලපෙන සැලසුම් සම්පාදනය, උසස් තාක්ෂණික සහ ඉහළ කාර්යක්ෂමතා ප්රමිතීන් තහවුරු කිරීමෙහි එල්බ සිටිය යුතු බව ද එම ලේඛනය අවධාරණය කරයි. රජය සහ වෙළඳපොළ අතර, ගුණාත්මකභාවය සහ ව්‍යාපාර ආකෘති අතර, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය අතර, ස්වාධීනත්වය සහ විවෘතභාවය මෙන්ම සංවර්ධනය සහ ආරක්ෂාව අතර සම්බන්ධකම් මනා ලෙස පාලනය කළ යුතුය. එමෙන්ම නව ගුණාත්මක ඵලදායිතාවට වඩාත් ගැලපෙන නිෂ්පාදන සබඳතාවන් ගොඩනැගීම වේගවත් කිරීම ද වැදගත් බව ඉන් පෙන්වා දෙයි. කාර්මික නවෝත්පාදනයන් සමග විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන් ඒකාබද්ධ කිරීම සඳහා හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම මගින්, උසස් තත්ත්වයේ සංවර්ධනයට සහාය වීමට අපේක්ෂා කරන බව ද එහි ප්‍රකාශ කර ඇත.
