ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙන් නිවාස 5,000ක් ජනතා අයිතියට

ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙන් නිවාස 5,000ක් ජනතා අයිතියට

ඔක්තෝබර් 05වනදාට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම නිමිත්තෙන්, රජයේ ආධාර මත ඉදි කළ නිවාස 5,000ක් ජනතා අයිතිය පත් කිරීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“සියලු දෙනාට සුරක්ෂිත නිවසක්” යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය හෙට (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද හෙතෙම පැවසීය. ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව දිවයින පුරා ජනාවාස සතියක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇත. 

දෙසැම්බර් 31 වන විට නිවාස 30,000ක් ඉදිකිරීම රජයේ ඉලක්කය බවත් සෑම පුද්ගලයකුටම සුරක්ෂිත නිවසක් ලබාදීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *