හම්බන්තොට ජාත්‍යන්තර වරාය(HIP), සිය නව තටාකාංගන දොඹකර ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ 2025 සිට මේ දක්වා හැසිරවූ සමස්ත කන්ටේනර් ප්‍රමාණය(TEUs) මිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ප්‍රකාශ කරයි.
ඒ අනුව වසර දෙකෙහි මුළු බහාලුම් ඒකක මිලියන 1.0022 දක්වා ඉහළ ගොස් ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී Wilson Qu සඳහන් කර සිටියේ, හම්බන්තොට වරාය ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා සේවා සපයන තරගකාරී බහාලුම් වරායක් බව මෙමගින් පෙන්නුම් කරන බවයි.
නැව් සමාගම් සමග සමීපව කටයුතු කිරීම, මෙහෙයුම් විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම වර්ධනයට හේතු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව දොඹකර, නැව් නැංගුරම් පහසුකම්, බහාලුම් අංගන සහ ශීතකරණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.
