මෙම වසර, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සහ චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March ඓතිහාසික ජයග්‍රහණයේ 90වන සංවත්සරය සනිටුහන් කෙරෙන වසරයි.එමෙන්ම රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණ කිරීමේ දිනය සැප්තැම්බර් මස 30 වනදාට යෙදී තිබේ. එදින පෙරවරුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්, රජයේ නායකයින් මෙන්ම විවිධ ක්ෂේත්රවල නියෝජිතයින් Tian’anmen චතුරශ්‍රයේ මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ඇත.
චීන මාධ්‍ය සමූහය එම අවස්ථාව සජීව ලෙස විකාශය කිරීමට නියමිතය.
