කොංගෝවේ ගුවන් අනතුරකින් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 14 දෙනෙක් ජීවිතක්ෂයට

කොංගෝවේ ගුවන් අනතුරකින් හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 14 දෙනෙක් ජීවිතක්ෂයට

කොංගෝ ඩෙමොක්‍රටික් ජනරජයේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව තහවුරු කරයි. මියගිය පිරිස අතර කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන උසස් හමුදා නිලධාරීන් දෙදෙනා ද සිටිති.

නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය, ගුවනේදීම හදිසි කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසුව කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇතයි විදෙස් වාර්තා සදහන් කරයි . අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මෙම ඛේදනීය අනතුර සිදුවන්නේ එරට නැගෙනහිර කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක පසුබිමකය. පසුගිය වසරේ සිට රුවන්ඩා සහාය ලබන M23 කැරලි කණ්ඩායම ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක බලය අල්ලා ගැනීමත් සමඟ, කොංගෝ හමුදාව එම කැරලිකරුවන්ට එරෙහිව මේ වනවිට දැඩි හමුදා මෙහෙයුමක නිරතව සිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *