යුගයට ගැලපෙන චීන ඇමරිකා සබඳතාවයක් ගොඩනැඟීම වැදගත් – ඇමරිකා සංචාරය අරඹමින් චීන ජනපති කියයි

යුගයට ගැලපෙන චීන ඇමරිකා සබඳතාවයක් ගොඩනැඟීම  වැදගත් – ඇමරිකා සංචාරය අරඹමින් චීන ජනපති කියයි

එම අවස්ථාවේදී ෂී ජින්පිං මහතා ලිඛිත ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, චීනය හා ඇමරිකාව යන දෙරටත්, දෙරටේ ජනතාවත් විශිෂ්ට බවය. දෙරටම හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් බවට පත් නොවිය යුතු බව ද හෙතෙම සඳහන් කර ඇත. චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි හිමි කර ගැනීමේ අරමුණට පටහැණි වීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ට්‍රම්ප් මහතා පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය. එමගින් දෙරටේ අනාගත සබඳතාව සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලබා දී ඇත. දෙරට එක්ව කටයුතු කළ යුතුය. ඒ අනුව, දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසියාකාරයෙන් හැසිරවිය යුතුය. මතභේද අවස්ථාවලදී නිසි පාලනයක් යටතේ, සාමකාමී බවින් යුත් ස්ථාවරත්වයක් ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවත් නව යුගයට ‍සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඉදිරියට කරා ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං මහතා කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *