2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ චීනයේ දුම්රිය සේවාව බිලියන 3.32ක මගීන් පිරිසක් ප්‍රවාහනය කර තිබේ. එය වාර්ෂිකව 3.9%ක ඉහළ යාමක් වන අතර,එම කාලසීමාව තුළ වාර්තාගත ඉහළම අගයට ද ළඟා වීමකි. චීන ජාතික දුම්රිය සේවය මේ බව හෙළි කළේය.
මෙම වසරේ ආරම්භයේ සිට,චීනයේ දුම්රිය ජාලය දිනකට සාමාන්‍යයෙන් මගී දුම්රිය ගමන් වාර 11,508ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර,එය පෙර වසරට සාපේක්ෂව 5.0%ක වැඩිවීමකි.
ඒ අතරම, චීනයේ නිදහස් වීසා සංක්‍රමණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් විදේශිකයින් චීනයට පැමිණීමේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීම හමුවේ චීනයේ දුම්රිය සේවා පහසුකම් තවදුරටත් ඉහළ නංවා ඇත. ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ චීනයේ දුම්රිය සේවාව මගින් මිලියන 16.683ක විදේශිකයින් ප්‍රවාහනය කර ඇති අතර,එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 33.3%ක වර්ධනයකි.
මීට අමතරව,ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ චීන දුම්රිය සේවය, සංචාරක දුම්රිය 2,501ක් ක්‍රියාත්මක කර ඇත.
