චීන විදේශ ඇමති මෙක්සිකෝ විදේශ කටයුතු ලේකම් හමුවෙයි

චීන විදේශ ඇමති මෙක්සිකෝ විදේශ කටයුතු ලේකම් හමුවෙයි

චීන විදේශ ඇමති වැන්ග් යී මහතා මෙක්සිකෝ විදේශ කටයුතු ලේකම් Roberto Velasco Álvarez මහතා ඊයේ(7) බෙයිජිං හිදී හමු වී සාකච්ඡාවක් පැවැත්වීය.

චීනය සැමවිටම ගෝලීය දකුණේ රටවල් අතර එකමුතුකම සහ සහයෝගිතාවයේ උපායමාර්ගික දෘෂ්ටිකෝණයෙන් චීන-මෙක්සිකෝ සබඳතා ඉදිරියට ගෙන ගොස් ඇති බව වැන්ග් යී මහතා එහි දී පැවසීය.

මෙක්සිකෝව දිගුකාලීන හා ස්ථිරව එකම චීනය මූලධර්මයට අනුගත වීම චීනය අගය කරන අතර මෙක්සිකෝවේ ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍ය පවත්වා ගැනීම, එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙන්ම බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ වීම සඳහා මෙක්සිකෝවට සහාය වන බව ද ඔහු සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතාව ගැඹුරු කරමින් චීන-මෙක්සිකෝ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයේ අඛණ්ඩ, පුළුල් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය මෙක්සිකෝව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව වැන්ග් යී මහතා වැඩිදුරටත් කීය.

Roberto Velasco Álvarez මහතා එහි දී පැවසුවේ චීනය විසින් යෝජනා කරන ලද සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ මෙක්සිකානු පාර්ශ්වය අගය කරන බවයි. එමෙන්ම එකම චීනය යන මූලධර්මයට තදින් අනුගත වන බවත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 2758 හි අධිකාරිය පිළිගන්නා බවත් ඔහු පැවසීය. ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) නායකයින්ගේ රැස්වීම පැවැත්වීමේදී සහ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේදී මෙක්සිකෝව චීනයට සහාය දක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *