‘ගෝලීය පාලනය සඳහා වන වියානා මිත්‍ර පාක්ෂික කණ්ඩායමෙන්’ ගෝලීය පාලන මුලපිරුමට දැඩි අනුබලයක්

‘ගෝලීය පාලනය සඳහා වන වියානා මිත්‍ර පාක්ෂික කණ්ඩායමෙන්’ ගෝලීය පාලන මුලපිරුමට දැඩි අනුබලයක්

ගෝලීය පාලන මුලපිරුම වෙන විශාල අනුබලයක් දෙන බව, ‘ගෝලීය පාලනය සඳහා වන වියානා මිත්‍ර පාක්ෂික කණ්ඩායම’ ඊයේ(7) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් නැවත තහවුරු කර ඇත. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුමේ පළමු සංවත්සරය නිමිත්තෙනි.

එහිදී කණ්ඩායමේ විවිධ සාමාජික රටවල නියෝජිතයෝ මෙම මුලපිරුමෙන් ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය බෙහෙවින් අගය කළහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය ස්ථීරව පවත්වා ගෙන යමින් සමගිය හා සහයෝගීතාවය ශක්තිමත් කොට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට, අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වේ.

වියානා යනු එක්සත් ජාතීන්ගේ මූලස්ථාන හතරෙන් එකකි. පසුගිය අප්‍රේල් මාසයේ චීනයේ යෝජනාවක් ලෙස ‘ගෝලීය පාලනය සඳහා වන වියානා මිත්‍ර කණ්ඩායම’ නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. එයට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණ.

වියානා බහුපාර්ශ්වික වේදිකාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් අතර එකඟතාවයක් ගොඩනැගීමට මෙන්ම ගෝලීය පාලන මුලපිරුම ප්‍රවර්ධනය කිරීමට එය වැදගත් යාන්ත්‍රණයක් බවට පත්ව ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *