චීනයේ සහ කටාර් රාජ්‍යයේ අගමැතිවරුන් අතර හමුවක් 

චීනයේ සහ කටාර් රාජ්‍යයේ අගමැතිවරුන් අතර හමුවක් 

චීන අගමැති Li Qiang මහතා, කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය Mohammed bin Abdulrahman Al Thani මහතා හමු වෙයි. එම හමුව ඊයේ(7) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ රාජ්‍යයක් වන කටාර් රාජ්‍යය චීනයේ වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු බව Li Qiang මහතා එම හමුවේදී පැවසීය. කටාර් රාජ්‍යය සමග සංවර්ධන උපායමාර්ගික සම්බන්ධකම ශක්තිමත් කරමින්, ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමට  චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත. එසේම සාම්ප්‍රදායික බලශක්තිය, නව බලශක්තිය, යටිතල පහසුකම්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, මූල්‍ය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමෙන්, ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා එහිදී කියා සිටියේය.

චීනය සමග විවිධ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීමට කටාර් රාජ්‍යය කැමැත්තෙන් සිටින බව එරට අගමැතිවරයා ප්‍රකාශ කළේය. මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහයට ඔහු එහිදී කෘතඥතාව පළ කරමින් එය අගය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *